සෑම වසරකම මාර්තු හා ඔක්තෝම්බර් මාසවල දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනාව සංවිධාන කරනු ලබයි.

තෙරුවන් සරණ ගිය සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින්ම බුදුරජුන් ලොව පහළ වූයේ සම්බුද්ධත්වයට පත්වූයේ නිර්මල දහම ලොවට හෙළිකළේ පිරිනිවන්පා වදාළේ මෙතැනැයි කියා උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් පහන්සිත් උපදවාගෙන අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මාර්ග උපදේශකයන් යටතේ කෙටි දින ගණනකින් දුම්රියේ ගමන් නොමැතිව සුවපහසුව, විශ්වාසය සමගින් දඹදිව වන්දනා චාරිකාව සංවිධානය කර ඇත.

ලුම්බිණිය (නේපාලයේ) / බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය, සේනානිගම, දුෂ්කර ක්‍රියා කළ ස්ථානය / බරණැස, ඉසිපතනය, මිගදාය, මූලගන්ධකුටි විහාරය/ කුෂිනගරය, පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍යය, පැන් වැළඳූ ස්ථානය/සැවැත් නුවර, ඡේතවනාරාමය හා ආනන්දබෝධිය/ රජගහනුවර/ ගිජ්ජකූටය/ නාලන්දාව/ විශාලා මහනුවර/ කපිල වස්තුපුර/ සංකස්ස ඇතුළු සියලුම සිද්ධස්ථාන වන්දනා කෙරේ. මීට අමතරව ලක්නව් / කාන්පූර්/ අග්‍රා ටජ්මහල්/ දිල්ල නගරසිරි/ කපිල වස්තු සර්වඥ ධාතු වන්දනාව සහ සාප්පු සවාරි ද ඇතුළත්ය.

මෙම චාරිකාව කොළඹ - බරණැස හා දිල්ලි - කොළඹ අතර සියලුම ගුවන් ගමන් (transit) මාරුවීම් නොමැති ගුවන් ගමන් වන අතර පැය 3 ½ වැනි කෙටි කාලයක් ගමන සඳහා ගතවේ.

සියලුම සිද්ධස්ථාන කරා වන්දනාවේ යෑම සිදුකරන්නේ බස් රථයෙන් බැවින් වන්දනාවේ යෑමට සකස් කළ හැකි ආසන සහිත ගමනේ කාන්සිය මග හැරවීමට බෞද්ධ චිත්‍රපට නැරඹීමට රූපවාහිනී යන්ත්‍ර සහ සංගීතයට සවන්දිය හැකි වායු සමීකරණය කරන ලද වායු පීඩන (බැලූන්) සහිත නවතම සුඛෝපභෝගී බස්රථයක් මෙම ගමනේදී සුවිශේෂී පහසුකමක් ලෙස ලැබෙනු ඇත. මීට අමතරව නවාතැන් ගැනීම උණු වතුර නෑමේ පහසුකම් ඇති යාබද නාන කාමර සහිතව කාමර පහසුකම් ලබාදෙනු ලැබේ.

මෙම චාරිකාව සඳහා එක් වන්දනාකරුවෙකුගේ ගාස්තුව පහතින් දැක්වේ. එක් කාමරයක සිව් දෙනෙකු බැගින් වන ලෙස චාරිකාව සංවිධානය කර ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව එක් කාමරයක දෙදෙනෙකු හෝ තිදෙනෙකු වශයෙන් නවාතැන් පහසුකම් අමතර ගාස්තුව ගෙවා වෙන්කරවා ගත හැක.

 

 

 

කාමරයේ නවතින ගණන ( තනි ඇඳන් සහිත)

එක් වන්දනා කරුවෙකුගේ ගාස්තුව

වීසා ගාස්තුව

මුලු එකතුව

3 දෙනෙකුට

225,000.00

-

225,000.00

2 දෙනෙකුට

245,000.00

-

245,000.00

මෙයට අමතරව ඉන්දියාවේදී කිසිදු මුදලක් අය කරනු නොලැබේ.

සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට එක් අයෙකු සඳහා ගාස්තුවෙන් රු 15000.00 ක වට්ටමක් හිමිවේ.

වෙන් කිරීම්


2023 අගෝස්තු චාරිකාව සඳහා 2023 ජුලි මස 10ට පෙර රු. 20,000.00ක්  ගෙවා  ලියාපදිංචි වන්න.

2023 සැප්තැම්බර් චාරිකාව සඳහා 2023 අගෝස්තු මස 25 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

2023 ඔක්තෝම්බර් චාරිකාව සඳහා 2023 සැප්තැම්බර් මස 10 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

2023 නොවැම්බර් චාරිකාව සඳහා 2023 ඔක්තෝම්බර් මස 25 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

 

සාංචිය පුද බිම සමග දඹදිව වන්දනාව

සාංචිය පුදබිම වන්දනාව සමග අංග සම්පූරණ දඹදිව වන්දනා චාරිකාව පහත සඳහන් දිනවලදී සංවිධානය කර ඇත.

1. දින 17යි 2023 අගෝ 17 සිට සැප් 03

2. දින 17යි 2023 අගෝ 21 සිට සැප් 07

3. දින 17යි 2023 සැප් 06 සිට සැප් 23

4. දින 17යි 2023 සැප් 11 සිට සැප් 28

5. දින 17යි 2023 ඔක් 02 සිට ඔක් 19

6. දින 17යි 2023 ඔක් 23 සිට නොවැ 09

7. දින 17යි 2023 නොවැ 13 සිට නොවැ 30

 

ගමන් මාරගය

1. කොළඹ - චෙන්නායී ගුවන් ගමන්

2. චෙන්නායී - බෝපාල් - දුම්රිය ගමන් 2වන පංතිය

    සාංචි වන්දනාව

3. බෝපාල් - දිල්ලි - දුම්රිය ගමන් 2වන පංතිය නිදන මැදිරි

4. දිල්ලි සිට දඹදිව වන්දනාව දින 14

5. දිල්ලි - කොළඹ - ගුවන් ගමන්

 

අයකිරීම - රු. 185.000.00

මෙහි ගුවන් ටිකට්පත් දුම්රිය ටිකට්පත් ආහාර කාමර ගාස්තු හා සිද්ධස්ථාන සඳහා ඇතුල්වීමේ ගාස්තු (ටජ්මහල් හැර) යන සියල්ලම ඇතුලත්ය

 

විමසීම්
+94 112 473 100, +94 112 473 577, +94 112 434 598, +94 112 473 633