සෑම වසරකම මාර්තු හා සැප්තැම්බර් මාසවල දින 11 සුඛෝපභෝගී දඹදිව වන්දනාව සංවිධාන කරනු ලබයි.

තෙරුවන් සරණ ගිය සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින්ම බුදුරජුන් ලොව පහළ වූයේ සම්බුද්ධත්වයට පත්වූයේ නිර්මල දහම ලොවට හෙළිකළේ පිරිනිවන්පා වදාළේ මෙතැනැයි කියා උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් පහන්සිත් උපදවාගෙන අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මාර්ග උපදේශකයන් යටතේ කෙටි දින ගණනකින් දුම්රියේ ගමන් නොමැතිව සුවපහසුව, විශ්වාසය සමගින් දඹදිව වන්දනා චාරිකාව සංවිධානය කර ඇත.

ලුම්බිණිය (නේපාලයේ) / බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය, සේනානිගම, දුෂ්කර ක්‍රියා කළ ස්ථානය / බරණැස, ඉසිපතනය, මිගදාය, මූලගන්ධකුටි විහාරය/ කුෂිනගරය, පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍යය, පැන් වැළඳූ ස්ථානය/සැවැත් නුවර, ඡේතවනාරාමය හා ආනන්දබෝධිය/ රජගහනුවර/ ගිජ්ජකූටය/ නාලන්දාව/ විශාලා මහනුවර/ කපිල වස්තුපුර/ සංකස්ස ඇතුළු සියලුම සිද්ධස්ථාන වන්දනා කෙරේ. මීට අමතරව ලක්නව් / කාන්පූර්/ අග්‍රා ටජ්මහල්/ දිල්ල නගරසිරි/ කපිල වස්තු සර්වඥ ධාතු වන්දනාව සහ සාප්පු සවාරි ද ඇතුළත්ය.

 

මෙම චාරිකාව කොළඹ - බරණැස හා දිල්ලි - කොළඹ අතර සියලුම ගුවන් ගමන් (transit) මාරුවීම් නොමැති ගුවන් ගමන් වන අතර පැය 3 ½ වැනි කෙටි කාලයක් ගමන සඳහා ගතවේ.

සියලුම සිද්ධස්ථාන කරා වන්දනාවේ යෑම සිදුකරන්නේ බස් රථයෙන් බැවින් වන්දනාවේ යෑමට සකස් කළ හැකි ආසන සහිත ගමනේ කාන්සිය මග හැරවීමට බෞද්ධ චිත්‍රපට නැරඹීමට රූපවාහිනී යන්ත්‍ර සහ සංගීතයට සවන්දිය හැකි වායු සමීකරණය කරන ලද වායු පීඩන (බැලූන්) සහිත නවතම සුඛෝපභෝගී බස්රථයක් මෙම ගමනේදී සුවිශේෂී පහසුකමක් ලෙස ලැබෙනු ඇත. මීට අමතරව නවාතැන් ගැනීම උණු වතුර නෑමේ පහසුකම් ඇති යාබද නාන කාමර සහිතව කාමර පහසුකම් ලබාදෙනු ලැබේ.

මෙම චාරිකාව සඳහා එක් වන්දනාකරුවෙකුගේ ගාස්තුව පහතින් දැක්වේ. එක් කාමරයක සිව් දෙනෙකු බැගින් වන ලෙස චාරිකාව සංවිධානය කර ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව එක් කාමරයක දෙදෙනෙකු හෝ තිදෙනෙකු වශයෙන් නවාතැන් පහසුකම් අමතර ගාස්තුව ගෙවා වෙන්කරවා ගත හැක.

කාමරයේ නවතින ගණන ( තනි ඇඳන් සහිත)

එක් වන්දනා කරුවෙකුගේ ගාස්තුව

වීසා ගාස්තුව

මුලු එකතුව

3 දෙනෙකුට

 225000.00

 

 225000.00

2 දෙනෙකුට

 

 

 

මෙයට අමතරව ඉන්දියාවේදී කිසිදු මුදලක් අය කරනු නොලැබේ.

සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට මුලු ගාස්තුවෙන් රු 15000.00 ක වට්ටමක් හිමිවේ.

දින 1

කොළඹ - බරණැස

බරණැස හෝටලයේ නවාතැන් ගැනීම

දින 2

බරණැස - බුද්ධගයා

බරණැස ඉසිපතනයේ මිගදාය වන්දනා කර බුද්ධගයාව බලා පිටත් වීම.

දින 3

බුද්ධගයා

කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංඝික දානය, බෝධි පූජාව, සම්පූර්ණ දිනම ශ්‍රී මහා බෝධිය අසලම ගත කිරීම.

දින 4

බුද්ධගයා

දුෂ්කර ක්‍රියා කළ ස්ථානය හා සුජාතා දේවිය කිරිපිඩු පූජා කළ ස්ථානය වන්දනාව හා සාප්පු සවාරි

දින 5

බුද්ධගයා රජගහනුවර විශාලාව කුෂිනාරාව

ගිජ්ජකූටය , දෙව්දත් ගල් පෙරලූ ස්ථානය , බිම්බිසාර රජු සිර ගත කළ ස්ථානය, ගැල් 500 පෙරළූ ස්ථානය නරඹා විශාලා මහනුවර වන්දනා කර කුෂිනාරාව බලා පිටත්වීම.

දින 6

කුෂිනාරාව

පිරිනිවන් මංචකය , ආදාහන චෛත්‍ය හා අවසාන වරට පැන් වැළඳූ ස්ථානය වන්දනා කිරීම.

දින 7

කුෂිනාරාව - ලුම්බිණිය කපිලවස්තු - සැවැත්නුවර

ලුම්බිණි සල් උයන හා කපිලවස්තු වන්දනා කර සැවැත්නුවර බලා පිටත්වීම.

දින 8

සැවැත්නුවර (ජේතවනාරාමය)

සිල් සමාදන්වීම, සාංඝික දානය, ඡේතවනාරාමයේ ගන්ධකුටිය, දම්සභා මණ්ඩපය වන්දනාව හා ආනන්ද බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව, සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හා සාප්පු සවාරි.

දින 9

සැවැත්නුවර - සංඛස්ස  අග්‍රා

සංඛස්ස වන්දනා කර අග්‍රා බලා පිටත්වීම හා අග්‍රා සාප්පු සවාරිය

දින 10

අග්‍රා - දිල්ලි

අග්‍රා ටජ්මහල් පිටතින් නැරඹීම (ඇතුල්වීමේ ගාස්තු ගෙවිය යුතුය) හා දිල්ලි නගර සිරි නැරඹීම, දිල්ලි සාප්පු සවාරිය

දින 11

දිල්ලි - කොළඹ

ශ්‍රී ලංකාවට පැමිණීම.

වෙන් කිරීම්

2023 අගෝස්තු චාරිකාව සඳහා 2023 ජුලි මස 10ට පෙර රු. 20,000.00ක්  ගෙවා  ලියාපදිංචි වන්න.

2023 සැප්තැම්බර් චාරිකාව සඳහා 2023 අගෝස්තු මස 25 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

2023 ඔක්තෝම්බර් චාරිකාව සඳහා 2023 සැප්තැම්බර් මස 10 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

2023 නොවැම්බර් චාරිකාව සඳහා 2023 ඔක්තෝම්බර් මස 25 දිනට පෙර රු. 20000.00ක් ගෙවා ලියාපදිංචි වන්න.

විමසීම්
+94 112 473 100, +94 112 473 577, +94 112 434 598, +94 112 473 633