ඔබත් අපේ සාමාජිකයෙකු වීමට අදහස් කරන්නේ නම් නොපමාව අප හා එක්වන්න. ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරු දරන, වයස අවුරුදු 45 ට අඩු රාජ්‍ය නිලධාරීන් හා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීහු සංගමයේ සාමාජිකත්වය ලැබීමට සුදුස්සන් වෙයි. බඳවා ගැනීමේ පටිපාටි වල අදාළ තනතුරට බඳවා ගැනීමේ අවම සුදුසුකම අ.පො.ස (උසස් පෙළ) විය යුතුය.

අදාළ අයදුම්පත සම්පූර්ණ කර අපවෙත එවීමෙන් සාමාජිකත්වය ලබා ගත හැකි අතර, සාමාජිකත්වය ලැබීමෙන් පසු සෑම සාමාජිකයෙකුගෙන්ම මාසිකව රු.620/- ක මුදලක් සිය වැටුපෙන් අයකර ගෙවිය යුතුය.

එම සාමාජික මුදල පහත සඳහන් අයුරින් වර්ගීකරණය වේ.

ඉතිරි කිරීම් රු. 350
විශ්‍රාම දායක මුදල් රු.  20
පොදුකාර්ය වියදම් රු.  15
වෛද්‍යාධාර (වෛද්‍යප්‍රදාන) රු.  40
විශ්‍රාම ගිය සාමාජිකයන් වෙනුවෙන් රු.  90
මියගිය සාමාජිකයන් වෙනුවෙන්  (මසකට මිය යන එක් සාමාජිකයෙකුට රු.15.00 බැගින්. එම නිසා මෙම අගය විචල්‍යකි)   රු.  80
මරණාධාර සඳහා රු.  25
එකතුව රු. 620

විශ්‍රාම සාමාජිකත්වය

සාමාජිකයෙකු හෝ සාමාජිකාවකට විශ්‍රාමයෙන් පසුව ද සාමාජිකත්වය පවත්වා ගැනීමට හැකියාව ඇත. එසේ විශ්‍රාම ගැනීමෙන් පසුව සාමාජිකත්වය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන සාමාජිකයෙකු හෝ සාමාජිකාවක සම්බන්ධයෙන් පහත ආකාරයට කටයුතු කරයි. සාමාජිකයෙකු හෝ සාමාජිකාවක් විශ්‍රාමයෙන් පසුව සාමාජිකත්වය පවත්වාගෙන යාමේදී මසකට රු. 245/- ක මුදලක් සාමාජික මුදල් වශයෙන් අය කෙරෙනු ඇත. එම සාමාජික මුදල පහත සඳහන් අයුරින් වර්ගීකරණය වේ. 

ඉතිරි කිරීම් රු. 115
පොදුකාර්ය වියදම් රු.  10
වෛද්‍යාධාර (වෛද්‍යප්‍රදාන) රු.  40
මියගිය සාමාජිකයන් වෙනුවෙන් (මසකට මිය යන එක් සාමාජිකයෙකුට රු.15.00 බැගින්. එම නිසා මෙම අගය විචල්‍යකි)   රු.  80
මරණාධාර සඳහා රු.  25
එකතුව රු. 270